Tuesday, May 6, 2014

කරුමෙ

                       කට්ටා දීර්ඝ කාලෙකට අත්හිටෝලා තිබිලා අායෙත් කැඩෙට් කරන්න පටාන් ගත්තා.මේ 2වෙනිදා කෑම්ප් යනවා කිව්ව නිසා ඉස්කෝලෙ නැවතිලාම පුහුනුවීම් පටන් ගත්තා.ගොඩ කාලෙකින් දැම්ම නිසාද කොහෙද බූට් සපත්තු 2කට කකුල් ලස්සනට කැපුනා.අනේ ඒකත් ඉවසගෙන පුහුණුවීම් කරලා කෑම්ප් යන්න කලින් දවසෙ ඒක කකුලක් බරවා හැදිලා වගේ.කෑම්ප් යන දවසෙ උදේ ඉස්කෝලෙ මෙඩිකල් යුනිට් ඒකේ ඩොකාට කකුල පෙන්නුවම; " ඔහොම කකුල තියන් කෑම්ප් යන්න උඹට කොයිල්ද? " අැහුවා.
                         දැන් මට කෑම්ප් ගියොත් කකුල නසී ගෙදර හිටියොත් ඉස්කෝලෙම නසී වගේ ඒකක් උනේ.අන්තිමට ඔ්නෙ ඒකක් 2.50යි කියලා බස් ඒකටත් නැග්ගා.අන්තිමට දියතලාවටත් ගියා.පුදනකොටම ටීටීක්ක්...... යකා කියලා කෑම්ප් ඒකේ M I ඒකේ ඩොකෙක් කිව්වා ඔය ලමයට ඔය තත්වෙන් කෑම්ප් ඒකේ ඉන්න බෑ.වහාම ගෙදර ගිහින් බේත් ගන්න කියලා.අනේ මාත් අනිත් පැත්තට ගෙදර අාවා.බෙහෙත් හෙමත් ගත්තා.තාම අඩුවක් නෑ.කබරයා දානවා කන කන සේරම.මගේ මස්තිෂ්කයට දැනෙන පරිදි මේක මගේ කරුමෙ.
                           වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක කරුමෙ ඔ්යි........

Sunday, April 20, 2014

අායෙත් ඉස්කෝලෙ ; නඩු නැති වාරයක් වේවා!!!


                                      ඒ නිවාඩුවත් දන්නෙම නැතුව ඉවර උනා.දැන් හෙට ඉදන් අායෙ ඉස්කෝලෙ යන්න ඒපැයි.ඒකත් පාඩු නෑ.දවසකට 100ක් විතර ලාබයිනෙ.මං මටම ප්‍රාර්ථනා කොරනවා ගිය වාරෙ වගේ නඩු නැති වැඩි වැඩියෙන් සල්ලි ලැබෙන අාතල් වාරයක් වේවා!!!!!

Thursday, April 17, 2014

ඉටිපන්දම්

         
                                            අද අපේ ගමේ අවුරුදු උත්සවේ.ඉතින් හැමදාම වගේ මේ පාරත් ඉටිපන්දම් පත්තු කරන තරගෙ තිබුනා.දැන් අවුරැදු 4ක ඉදන් කට්ටා තමයි ඔය සෙල්ලමේ වැඩ්ඩා උනේ.අදත් ඒ තරගෙ පටන්ගන්නවා කියලා annouce කලාම මං කොල්ලො ටික පිරිවරාගෙන ඒතනට සෙට් උනා.යකෝ කරුමෙ කියන්නෙ මං යනකොට කව්ද ගොබිලෙක් ඉටිපන්දම් 82ක් පත්තු කරලනෙ.මට ඉතින් උගෙ අම්මට අභිරමණය කරන්න තරම් සතුටුයි.අැයි දෙයියනේ 82ක් ඒක ගිනි කූරෙන් කොහොම පත්තු කරන්නද.
                          මට කොයිල් වගේ.මට තේරැනා වැඩේ හරියන්නෙ නෑ කියලා.මං ගෙදර අාවා.ඒ අැවිත් තමයි මේ පෝස්ටුව දැම්මෙ.අායෙ යන්නෙ රෑ සංගීතෙට තමා.

Wednesday, April 16, 2014

කොහොමද මං කට්ටා උනේ

                                    ඒකාලේ සිද්ද වෙච්ච කතාවක් මේ.ඒ කාලෙ කියන්නෙ මං ඉස්කෝලෙ 8 විතර ඉන්න කාලෙ.මට ඔය කාලෙ තදේටම උනක් තිබුනා Cadet කරන්න.ඉතින් කොලා.දවසක් කැඩෙට් රූම් ඒකට වෙලා ලොකු මිනිහා වගේ අළුතෙන් අාපු A/L කරන අයියා කෙනෙක්ට ලොකු වෙලද දැන්වීමක් දාගෙන හිටියා.අපේ වයසෙ ඒකෙක් හිටියා අැතුලෙ උෟ මට වඩා Rank ඒකෙන් අඩුයි.මූ හිටියෙ අතුගාන ගමන්.මුට අමතක වුනා මං රෑන්ක් ඒකෙන් වැඩියි කියලා.මූ මට කෑගහනවා අඩෝ ඔතනින් අයින් වෙයන් කියලා.
                             අැයි යකෝ ඒහෙම අයින් වෙන්න පුලුවන්ද මං ලොකු අයියා කෙනෙක්ට දර්ශන දානවනෙ.මං ලෝඩ් වගේ හිටියා.ඒක පාරට පිටිපස්සෙන් රිදුනා වගේ ඒකක් වුනා.වැරදියට හිතන්න ඒපා හරිය.මු බිම තිබුන වීදුරු කට්ටකින් මගෙ පශ්චාත් භාගෙට අැනලා.දැන් කලිසමෙන් ඒකයි ලේ.මං කොල්ලා හොස්පිරිතාලේ.මෙන්න වැඩක් හවස් වෙනකොට මට අැනපු ඒකත් අතක් ඒල්ලන් මං හිටපු වාට්ටුවටම අැඩ්මිට් වෙලා.අපේ cadet අයියලා උෟට පාටියක් දීලා.ඒකේ අතුරැපස තමයි අත කැඩුන ඒක.
                               ඔය සිද්ධිය ඉවර වෙලා දවස් 3කින් විතර මං කොල්ලා ගියා ඉස්කෝලෙ පැත්තෙ.ගියා විතරයි මෙන්න අපේ ඒවුන් අඩෝ වීදුරැ කට්ටා කියාගෙන දුවගෙන ඒනවා.
                               ඒදා වීදුරැ කට්ටා උන මං කොල්ලා අපේ උන්ගේ භාෂා භාවිතයේ පහසුව තකා වීදුරු නමැති උපසර්ග පදය නශ්ඨ කොට කට්ටා නමින් අභිෂේක කොරන ලදි.
           
               මෙතැන් සිට කට්ටාගේ ජීවන තොරතුරැ බලාපොරොත්තු වන්න.

මදැයි කොලා

                             කාලයක් බ්ලොග් කියව කියව ඉදලා ඒකක් ලියන්න කියලා පටාන් ගත්තා.මම අැත්තටම සතුටු වෙනවා කව්රුත් view කලේ නැති ඒක ගැන.මේකෙ ඉතින් බලන්න දේකුත් නෑනෙ.අවුලක් නෑ මං හිතන්නෙත් නෑ උඹලා හිතන්නත් ඒපා හරිය.බලමු තව ටික දවසකින් තත්වෙ කොහොමෙයි කියල.1වෙනි පෝස්ට් ඒක කව්රුත් වීව් කරයි අෑ ඒකේ තියෙන්නෙ මං ගැනනෙ.ඒක ඉවරයි.ඔින ඒකෙක් බලපියව් මං ලියනවා.මෙහෙම ලියන් යනකොට ඒකෙක් හරි බලයිනෙ.බැලුවෙ නැතත් කියන්න තියෙන්නෙ මදැයි කොලා කියලා තමයි.

Tuesday, April 15, 2014

මේක කට්ටා ගැන

                                   මේක කට්ටා ගැන

                                       


                                        Facebook ඒකේ අවුරැදු 5ක් සමාජගත වෙලාම ඒකත් ඒපා උනා.ඉතින් මාත් හිතුවා blog ඒකකින් සයිබර් අවකාශයේ මගේ අාතල් ඒක හොයාගන්න.දැන් මේකයි කතාව.මට සෑහෙන ලොකු ෂුවර් ඒකක් තියනවා මං ලියන්න හිතන් ඉන්න දේවල් වලින් කාටවත් මෙලෝ අාතල් ඒකක් නැතිවෙයි කියලා.‍‍අනේ තරහා වෙන්න ඒපා.මගෙ ලල් ඒක මං ගන්නවා.හිතට ඒන ඒවා ලිව්වා කියලා කාටවත් ඒලවන්නත් බෑනෙ.
                                         තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න.මට තාම අවුරැදු 17යි.ඉස්කෝලෙ කිව්වොත් මගෙ ලල් ඒකට ඒකත් බාල්දියක් වෙනවනෙ.රටේ ලොකුම ඒකක්.බෞද්ධ සිංහල ලොකුම ඒක.
හරි ඒකත් ඉවරයි.මේ මං දැන් හිතන් ඉන්නෙ මගේ ලල් ජීවිතය ගැන කියන්න.ඔන්න දැන්ම කිව්වා ම සංවාදයට විවෘතයි.අනේ මට හොදට බැනපල්ලා.මං හරි අාසයි මං ගන්න ලල් වලට බනිනවට.
                                         දැන් මව නිදිමතයි වගේ.අා මං blog ගැන මෙලෝ රෙද්දක් දන්නෙ නෑ.ඉතින් මං ඔබ සැමගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.මට හොදට බැනපියව්.ගොඩක් පිං.